අරුන් සිද්ධාර්ථන්ගේ පම්පෝරි එජාපයෙන් කෙළවර වීම

කාලයෙන් කාලයට මෙරට විවිධ පුද්ගලයෝ වෙනස් අදහස් පළ කරමින් ප්‍රගතිශීලි වෙස් බැඳගනිමින් ජනතාව හමුවේ පෙනී සිටිති. ජනතාවද අනේ සැපයි කියමින් උන් උඩ දමන අතර එසේ උඩ තිරිංග දමාගෙන පැමිණෙන උදවිය කෙළවර නිර්වාණය අවබෝධ කරගන්නේ දෙසා වදාළ දහමත් – උස්සා තැබූ කයිවාරුකරුවනුත් කුණුබක්කියට විසි කරමිනි.

පසුගිය කාලයේ ආවා කල්ලියේ නායකයා බව සේ ම දෙමළ ජනතාවගේ සුපිරි නියෝජිතයෙක් ලෙස පෙනී සිටිමින් මාධ්‍ය හරහා රොම්බ ටෝක් විසි කර දැමූ අරුන් සිද්ධාර්ථන් නමැති අය සිය දේශපාලන නිෂ්ටාව සම්පූර්ණ කරගත් තොරතුරක් වාර්තා වන්නේ පෙර කතා ස්ථිර කරමිනි.

මෙසේ දහසක් පම්පෝරි කියන පුද්ගලයා ගැන එවක අප කියා සිටියේ, හානා හී අඬහැරය ඔස්සේ හඳුනාගත් බැවිනි.

අරුන් සිද්ධාර්ථන් නැතහොත් අරුලානන්දම් අරුන් එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්ත්‍රික් සංවිධායක ලෙස රවි කරුණානායක අතින් පත්වීම් ලබා ගෙන තිබේ.

2020 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යාපනයෙන් මැතිවරණට පනින ලද අරුන් පැත්තකට විසි වී ගියේ ය. මෙවර එජාපය තෝරාගෙන තිබේ.

කවරෙකුට හෝ දේශපාලනය කිරීමේ අයිතිය පිළිබඳ ගැටලුවක් ඇත්තේ නැත. එහෙත් ලේ කඳුළෙන් දියත් වූ කවර හෝ අරගලයක් කිච කරමින්, පෞද්ගලිකව බඩ වඩා ගනිමින්, ප්‍රගතිශීලී කතා ඉදිරියට දමමින් යන්නවුන් හඳුනාගන්නට ජනතා දේශපාලන සබුද්ධික භාවය දියුණු කළ යුතු ය.

මෙවරත් යාපනය දකුණට එම පාඩම උගන්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles