ජිනීවා ළං වෙද්දී “චැනල් 4” ඔහොම කියනවා :මනුෂ කියයි

මානව හිමිකම් කවුන්සලය ජිනීවා වල රැස්වෙන්න නියමිත කාලය වන විට “චැනල් 4” නාලිකාව විවිධ හෙළිදරව් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

කෙසේ වුව ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් 4” නාලිකාව කළ හෙලිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳ සඳහන් කරනවා.

ඊට අමතරව ජාත්‍යන්තරවත් පරීක්ෂණ කිරීමටත් අවශ්‍ය නම් රජයක් ලෙස ඒ සම්බන්ධවත් කටයුතු කිරීමටත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles