රනිල් ඉන්නකම් කවුරුත් බඩගින්නෙ තියන්නෑ – වජිර

රනිල් වික්‍රමසිංහ පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ලංකාව පාලනය කිරීමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දෙනා ගත් ණය ගෙවමින් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉටුකරමින් සිටින බවද මන්ත්‍රීවරයා මෙහි දී කියා සිටිය.

අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 29 කට එක් පවුලකට මසකට නොමිලේ සහල් කිලෝ 10 ක් ලබාදීමේ ජාතික වැඩසටහනට අනුව ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles