කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරමින් ජය හිමි කර ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරඟවලදී දස්කම් අතරට පැමිණියත් මේ තරඟයේදී ඔවුන් ඉතා අවාසනාවන්ත ලෙස සියලුම දෙනා දැවී ලබාගත්තේ ලකුණු 50ක් පමණයි. ඔවුන්ට මුහුණ දීමට හැකි වූයේ පන්දු වාර 15කුත් පන්දු දෙකකට පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු 17ක් සහ දුෂාන් හේමන්ත ලකුණු 13ක් ලබා ගත්තා. ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් ෂිරාජ් කඩුළු 6ක් ලබා ගැනීමට සමත් වුණා.
ඉන්දීය කණ්ඩායම දෙවැනුව පන්දුවට පහර දෙමින් ඉතා පහසුවෙන් ජය හිමි කර ගැනීමට සමත් වුණා. ඔවුන් ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 51 එක ලබා ගත්තේ කඩුළු 10ක් අතැතිවයි. එමෙන්ම ඔවුන් එම ලකුණු ලබා ගැනීමට වැය කරනු ලැබුවේ පන්දු ඕවර 6කුත් එක පන්දුවක් පමණයි.