ආසියා වෙළදපොළ අර්බුධයක : බොරතෙල් ලැබෙයි ද නැද්ද?

ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

මෙම තත්ත්වය නිසා ලෝක තෙල් මිල වැඩි විය හැකි බවයි ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික විචාරකයෝ පවසන්නේ.

හමාස් සංවිධානය ට උදව් කරනු ලබන්නේ ඉරානය වන අතර විවිධ වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදු වූව ද ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් ඉරාන බොර තෙල් සැපයුමට ද බාධා එල්ලවීම කිසි විටක නොවැලක්විය හැකි කරුණක් ලෙසයි විචාරකයෝ සඳහන් කරන්නේ.

මේ තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ අද (09) ඉහළ ගොස් තිබුණ අතර එහි මිල දැක්වුණේ ඩොලර් 86ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles