ආසිරි රෝහල ගිනිකන මිලට බෙහෙත් විකිණූ නඩුව: නීතිපති මැදිහත් වෙයි

මහත් ආන්දෝලනයට ලක් වූ ආසිරි රෝහල විසින් පාරිභෝගිකයෙකුගෙන් ඖෂධ සඳහා පාලන මිලට වඩා මිලක් අය කිරීම සම්බන්ධයෙන් එම රෝහලට සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පවරා තිබූ නඩුවට මින් ඉදිරියට නීතිපතිවරයා මැදිහත් වන බව ඖෂධ නියාමන අධිකාරිය මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය වෙත ඊයේ (16) දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම පෙනී සිටින බවයි වාර්තා වන්නේ.

විවිධ ආන්දෝලනාත්මක කරුණු මතු වූ මෙම නඩුව විභාග වන අතරවාරයේ ආසිරි රෝහල සහ එහි අධ්‍යක්ෂවරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කිරීම අභියෝගයට ලක් කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ආසිරි රෝහල විසින් අභියාචනාධිකරණයේ පවරා තිබූ පෙත්සමද ඔවුන් විසින් ඉල්ලා අස් කර ගැනුණා.

කෙසේ වෙතත්, මෙම නඩුකරයට අදාළව මේ දක්වා විත්තිකාර පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් අධිකරණයේ පෙනී සිට නැති වීම විශේෂත්වයක් වෙනවා.

එසේ ම නැවත මේ නඩුව කැඳවීම සඳහා ජූනි මස 11 වැනි දා දින නියම කිරීමට අධිකරණය කටයුතු කර තිබෙනවා.

මෙම නඩුකරයට අදාළ පෙර ලිපි පහත සබැඳියෙන්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles