ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහභාගි වූ තරඟ පරාජයන් සම්බන්ධයෙන් හේතු විමසිමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මෙසේ හේතු විමසනු ලබන්නේ ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණු කරුවන් සහ තේරීම් කමිටුව වෙතින් බවයි දැනගැනීමට ඇත්තේ. ඉතා කඩිනමින් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ඔවුන්ගෙන් ඉල්ලා ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග වාර්ත කරනවා.
ක්රීඩකයන්ගේ උපාය මාර්ගික සූදානම , සංචිතයේ තේරීම් කටයුතු , ක්රීඩකයින් දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් පශ්චාත් තරඟ විශ්ලේෂණයක් කිරීමට තේරීම් කමිටුවට සහ පුහුණුකරුවන්ට සිදුවනු ඇති.
කෙසේ වෙතත් ඊයේ (02) ඉන්දියාව සමඟ පැවැති තරඟයෙන් ලංකාව පරාජයට පත් වූයේ විශාල ලකුණු ගණනකින් වීම බොහෝ කතාබහට ලක්ව තිබෙනවා.