ත්‍රස්තවාදී -අන්තවාදී සංවිධානවල වත්කම් අත්හිටුවයි

ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සහ පුද්ගලයින් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (03)දිනයේ නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධාන 15ක් සහ ඒවාට සම්බන්ධ 210කගේ සියලු අරමුදල් වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් ඒ අනුව අක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයි සඳහන්.

2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝගවලට අනුව මෙම පියවර ගෙන තිබෙනවා.

ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි හෙවත් එල්.ටී.ටී.ඊ සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය හෙවත් ටී.ආර්.ඕ සංවිධානය, ජාතික තව්දිහ් ජමාත් හෙවත් එන්.ටී.ජේ සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි යන සංවිධාන ද ඊට ඇතුළලත් වෙනවා.

ඊට අමතරව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පුද්ගලයින් 113 දෙනෙකුගේ සියලු මුදල් හා වත්කම් ද අක්‍රීය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles