ප්‍රසිද්ධ ජ්‍යෝතීර්වේදියෙකු වූ චන්ද්‍රසිරි බණ්ඩාර අභාවයට පත්ව තිබෙනවා. ඒ අද උදෑසනයි.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මිය යන විට 63 හැවිරිදිව සිටි ඔහු මෙරට දේශපාලන සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවැකි ප්‍රකාශ කළ අයෙකු ලෙස ප්රකටව සිටියා.