නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (9) උදෑසන බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.
පාකිස්තාන බෙදුම්වාදී වාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පාකිස්තාන ආරක්ෂක මේ වනවිට කරුණු අනාවරණය කරගනිමින් සිටින බව සඳහන්.