අතුරුගිරිය වෙඩි තැබීම: වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී

අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා.

ඔවුන් පැමිණි වාහනය එම ස්ථානයේ දමා ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකින් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ පවත්වනවා.

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීයී.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවා , තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදනො හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

වෙඩික්කරුවන් වෙඩිතැබීම සඳහා ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles