කැබිතිගොල්ලෑව කුරුලුගම ප්රදේශයේ විහාරස්ථානයක ධර්මදේශනයක් අරභයා ඇති වූ බව කියන ගැටුමක් පාලනයට ගිය පොලිස් කණ්ඩායමකට ගමේ පිරිසක් පහරදී ඇතැයි වාර්තා වෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව එය පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමට විහාරස්ථානයේ හිමිනමක හා තවත් පිරිසක් පහරදී තිබෙනවා.
සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි ආරංචි මාර්ග වාර්තා කළා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.