පහර කෑ රාජපක්ෂ මන්ත්‍රී තවමත් රෝහලේ: මහින්දානන්ද නිදැල්ලේ

පසුගිය දා පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව ඇති වූ ගැටුමෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ බරපතළ තුවාල ලැබුවා. ඔහුට ශල්‍යකර්මයක්ද සිදු කළ අතර තවමත් ඔහු පසුවන්නේ යුද හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.

මෙම පහරදීම සිදු කරන ලද්දේ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් බව ඔහුගේ පුත්‍රයා කොටුව පොලිසියට පැමිණිලි කළ අතර පහරකෑ මන්ත්‍රීවරයාද ලිඛිත ප්‍රකාශයක් ලබා දුන් බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, මේ දක්වා මෙම සිදුවීමට අදාළව පොලිස් පරීක්ෂණ ඉතා මන්දගාමීව සිදුවන බවයි පෙනී යන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි පහරදීමක් සිදු වූ පසුව තුවාලකරු රෝහල්ගතව සිටී නම් අත්අඩංගුවට ගන්නා සැකකරුට ඇප ලබා දීම පවා සිදු නොවීමයි සිදුවන්නේ.

මෙසේ පොලිස් පරීක්ෂණ මන්දගාමීව සිදුවීම පිළිබඳ දේශපාලන කාරණාවක් ඇතැයි ඇතැම් වෙබ් අඩවි ඊයේ වාර්තා කර තිබුණා. ඒවාට අනුව මහින්දානන්ද අලුත්ගමගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ජනපතිවරයාට සහය පළ කරන ප්‍රබලයෙකු බැවින් මෙසේ සිදුවන බවත්, මෙයින් ආණ්ඩුව තුළ ජනපතිවරයා සහ රාජපක්ෂ පිරිස අතර ඇති ගැටුම හෙළිවන බවත් කියැවෙනවා. ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රාජපක්ෂ පිල නියෝජනය කරන බවයි ඒවායේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles