කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට අද (03) පෙරවරුවේ මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි වාර්තා වෙනවා.
එළවළු වෙළඳසලකදී වෙල්ගම මන්ත්‍රීවරයා කිසියම් පුද්ගලයෙකු සමඟ බහින්බස් වී ඇති අතර පසුව එම පුද්ගලයා වෙල්ගම මන්ත්‍රීවරයාට පහර දුන් බවයි සඳහන් වන්නේ. මන්ත්‍රීවරයා රෝහල්ගත වී ඇති අතර, පහර දුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්මන් පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රී කුමාර වෙල්ගම විවිධ ආණ්ඩු සමයන්හි දී ප්‍රබල ඇමැතිකම් දැරූ අයෙක්. අරගල සමයේ දී ද ඔහු බලවත් ලෙස පහරකෑමට ලක් වුණා.