පසුගිය දෙසැම්බර් 29 දින සවස හැව්ලොක් පාරේ වජිර පාර හන්දිය අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක් කර පළා ගිය රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ රථය පරීක්ෂා කිරීමට සූදානම්ව බලපත්‍ර ඉල්ලා සිටි අවස්ථාවේ, මෝටර් රථය තුළට අත යොමු කිරීමෙන් පසු වීදුරුව ඔසවා, නිලධාරියාගේ අත සිරවූ පසු රථය වේගයෙන් ඉදිරියට ධාවනය කළ බවයි සඳහන් වන්නේ. ධාවනය කරන අතරතුර වෙනත් වාහනයක ගැටීමට සලස්වා, නිලධාරියා ඇද වැටුණු පසු පළා ගොස් තිබෙනවා.
මෙසේ අනතුරට ලක් වුණු නිලධාරියාට බලරපතළ තුවාළ සිදු වුණු බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
මේ වන විට සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර වයස අවුරුදු 40ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අයෙක්. ඔහුට විරුද්ධව රථවාහන රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙකුට අනතුරක් සිදු කර මිනී මැරීමට තැත් කිරීම, රාජකාරියට බාධා කිරීම, මිනීමැරීමේ චේතනාවෙන් පැහැරගෙන යෑම, තුවාළ සිදු කිරීම, පොලිස් නිල ඇඳුම්වලට අනර්ථයක් සිදු කිරීම යන චෝදනා යටතේ ඔහුට විරුද්ධව කරුණු වාර්තා කර ඇති අතර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
CCTV දර්ශන පහතින්,