ආසිරි රෝහලට එදිරි නඩුව වෙනස් ම පැත්තකට: වැඩබලන මහේස්ත්‍රාත් ගැන කරුණු කියන්න නීතිපතිට කල් දෙයි!

අප වෙබ් අඩවිය විසින් දිගින් දිගට ම වාර්තා කළ පුවතක් වූයේ, මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහල විසින් අනුමත මිලට වඩා ඖෂධ ගණනාවකට ගිනි කන වැඩි මුදලක් අය කිරීම සම්බන්ධ නඩුවයි.

එම නඩුව මෙරට නීති ක්ෂේත්‍රයේද කතාබහට ලක් වුණු එකක් බවට පත් වුණා.

මෙහි නඩුවේදී නිමිත්ත වූ කරුණ ගැන තොරතුරු අපගේ පහත ලිපියේ දැක්වෙනවා.

පසුව මෙම ආන්දෝලනාත්මක නඩුව අගතියට පත් පාර්ශ්වයට රහසෙන් වැඩබලන මහේස්ත්‍රාත්වරියක් හරහා කැඳවාගෙන තීන්දුවක් ලබා ගත් පුවත ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට ලක් වුණා. ඒ ගැන අප ලිපිය පහතින්,

කෙසේ වෙතත් මේ වන විට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින තත්වයක් දක්වා මෙම නඩුව පැමිණ තිබෙන බව අප පසුගිය දා වාර්තා කළා.

නඩුව නියමිත දිනට කැඳවුණු අතර දැන් අදාළ නඩුව වෙනත් පැත්තකට හැරී තිබෙනවා. ඒ මෙම ක්‍රියාවලියේදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙනුයි.

නඩුව සම්බන්ධයෙන් කටයුතු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ලබා ගොස් සිටියදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය දෝෂ සහගත ද නැතිද යන්න පිළිබඳවයි මෙසේ කරුණු දැනුම් දෙන ලෙස නියෝග කර ඇත්තේ.

නඩුවකදී කටයුතු කළ ක්‍රමවේදයක් ඇති බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය එහිදී අවධාරණය කරනු ලැබුවා.

වැඩබලන මහේස්ත්‍රාත්වරිය හරහා මෙම නඩුව කැඳවා ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් පෙර නඩු වාරයකදී අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ, කිසිම අවස්ථාවකදී වැඩබලන මහේස්ත්‍රාත්වරයෙකුට දඬුවම් නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි. මේ නඩුවේ යම් කිසි ගැටලුවක් තමාටද නිරීක්ෂණය වන බව ඇය කියා සිටියා.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන කරුණු දැක්වීම මෙරට අධිකරණ ස්වාධීනත්වය අගයන සැවොම අවධානය යොමු කළ යුතු කරුණක් බව වැඩිමනත් කිව යුතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles