මුදල් විශුද්ධිකරණය යටතේ ජෙරොම් ප්‍රනාන්දු පාස්ටර්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට අද අධිකරණ අවසර ලැබුණේ පාස්ටර්වරයාගේ, ඔහුගේ බිරිඳගේ සහ ඔහුගේ සමාගමට අයත් ගිනුම් 9ක පිළිබඳ වත්කම් පරීක්ෂාවටයි.
එම ගිනුම් අයත් පෞද්ගලික බැංකුවලට අදාළ තොරතුරු ලබා දෙන ලෙස නියෝග කෙරුණා. ජෙරොම් ප්‍රනාන්දු ගිනුම හරහා බිලියන ගණනින් මුදල් සංසරණය වී ඇති බවට හෙළිව ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
වෙනත් ආගම්වලට අපහාස කිරීමත්, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේත් පාස්ටර්වරයාට චෝදනා නගා තිබෙනවා.