අතුරුදන් වූ වාහන ගැන විගණන කාර්යාලය හෙළි කරයි

රජයේ වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණ කරනවා.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පැවසුවේ, වාහන අතුරුදන් හෝ අස්ථානගත වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවයි.

නව රජය බලයට පත්වීමත් සමග හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් සහ ජනාධිපති උපදේශකයින් භාවිතකළ නිල වාහන රැසක් පසුගිය දිනවල ගාලුමුවදොර ගාල්කර තිබෙනු දක්නට ලැබුණා.

මෙවන් පසුබිමක ජාතික විගණන කාර්යාලයට තොරතුරු වාර්තා වී ඇත්තේ, සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, වාරිමාර්ග සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට අයත් වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අස්ථානගතවී ඇති බවයි.

ඉන් වැඩිම වාහන සංඛ්‍යාවක් අස්ථානගත වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම විමර්ශනය සිදුකරන බවයි.

මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles