ඔස්ට්‍රේලියාවේ අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි “right to disconnect” “විසන්ධි කිරීමේ අයිතිය” යන නීතිය හඳුන්වා දී තිබෙනවා.
එම නව නීතිය තුළින් සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉඩ ප්‍රස්ථාව හිමිව ඇතැයි සඳහන්.
ඒ සඳහා ආයතන ප්‍රධානීන්ට කිසිදු දඬුවමක් කළ නොහැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත්තේ, සේවකයින්ට සිය පෞද්ගලික ජීවිතයට රැකියාවෙන් සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දුන් බවයි.
මෙම නව නීතිය කඩවීමක් සිදුවුවහොත් ඒ සඳහා වරදකරු වන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඔස්ට්‍රේලියානු ඩොලර් 93,900ක් දක්වා දඩයකට යටත්වීමට සිදුවන බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඔස්ට්‍රේලියාවට අමතරව මීට පෙර සිටම තවත් යුරෝපයේ රටවල් 20ක පමණ මෙම නීතිය අනුගමනය කරන බවයි වාර්තා වන්නේ.