‘‘මයිල්ස් ෆ්‍රෑන්ක්ලීන්’’ (Miles franklin ) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති නීතිඥවරියක වන ශංකරී චන්ද්‍රන්ට හිමිව තිබෙනවා.
මෙය ඕස්ට්‍රේලියාවේ සංවිධානය වන විශාලතම සාහිත්‍ය ත්‍යාගය උත්සවයක් වෙනවා.
ඕස්ට්‍රේලියාවේ පැන්බරා නුවර පදිංචිව සිටින ඇය විසින් රචිත “chai Time at Cinnamon Gardens” නවකතාව වෙනුවෙනුයි ඇය මෙම සම්මානය දිනාගන්නේ. එහි දී ඇයට මුදල් ත්‍යාගයක් ලෙස ඩොලර් හැට දහසක් ද පිරිනැමෙන බව සඳහන්.
අසූව දශකයේ සිවිල් යුද්ධයෙන් බේරීමට රටින් පළා ගිය ශ්‍රී ලාංකිකයෙක් සහ බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව විවරණය කෙරෙන ‘‘ඕස්ට්‍රේලියානු වීම’’ යන්න ගවේෂණය කරමින් මෙම නවකතාව රචනා කර ඇත්තේ.
යුද්ධය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්ව යන තේමා ඔස්සේ ලියා ඇති මෙම නවකතාව ඕස්ට්‍රේලියාවේ පාඨකයන්ගේ කතාබහට ලක් වෙනවා.
ඇයගේ මවුපියන් වෛද්‍යවරුන් වන අතර, ඔවුන් සිවිල් යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් එක්සත් රාජධානියට ගොස් අනතුරුව ඕස්ට්‍රේලියාවේ පදිංචි වූ පවුලක්.