අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු කරන ලද දරු ප්‍රසූතියකදී සිය බිළිඳා මිය ගියේ හෙදියන්ගේ නොසැලකිල්ලෙන් බිම වැටීම නිසා බව යුවළක් චෝදනා කරනවා. පසුගිය 10 වැනිදා සිය දරුවා ප්‍රසූත කරද්දී බිම වැටුණ බවත්, දරුවා අල්ලා ගැනීමට කිසිවකු නොසිටි බවත් මව සඳහන් කරනවා. වැටීමෙන් අනතුරුව වහාම දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කළද අද දින මිය ගිය බවයි බිළිඳාගේ මව්පියන් පවසන්නේ.
මේ සිදුවීමට මුහුණ දුන් මව අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ පදිංචි 35 වියැති කාන්තාවක්. ඇය මුලින්ම දරු ප්‍රසූතිය සඳහා ඇතුළත්ව තිබුණේ කලංචිය ප්‍රාදේශීය රෝහලටයි. යම් සංකූලතාවක් නිසා ඇය එම රෝහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. එහි සූතිකාගාරයේ ප්‍රසූතියේදී දරුවා බිමට වැටුණ බවයි ඔවුන් චෝදනා කරන්නේ.
කෙසේ වෙතත් මවට නිකුත් කළ රෝග විනිශ්චය තුණ්ඩුවේද සඳහන් කර ඇත්තේ බිළිඳා බිම වැටීම නිසා හිසට බලපෑමක් වී ඇති බවයි.