විශාල පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ මාර්ගය හාලිඇල 7 කණුව ප්‍රදේශයෙන් සම්පූරණයෙන් අවහිර වී තිබෙනවා.
මේ නිසා වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇන හිට ඇති බවයි පැවසෙන්නේ. මාර්ගයේ බස්රථ ධාවනය ද බදුල්ල සිට උඩුවර තෙක් සහ බණ්ඩාරවෙල සිට උඩුවර තෙක් පමණක් සිදුකෙරනවා. මේ පුවත ලියන මොහොත වන විට හපුතලේ ආසන්නයේද නායයෑමක් නිසා මාර්ගය අවහිර වී ඇති බව බණ්ඩාරවෙල පොලිසිය අප වෙත සඳහන් කළා. කෙසේ වෙතත්, මාර්ග අවහිරතා ඉවත් කිරීමට අපහසු තරමට මාර්ග අවහිර වී ඇති බවයි පැවසෙන්නේ.
විකල්ප මාර්ග ලෙස ඇටැම්පිටිය බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන ලෙසට දැනුවත් කර තිබෙනවා.