කතරගම දේවාල පොලිසියට පාට් දැමූ සජබ සංවිධායකට ඇප

කතරගම පූජාභූමියට ඇතුළුවන නාගහවීදිහ පොලිස් මුර කපොල්ලේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයගේ රාජකාරියාට බාධා කර සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ සමගි ජනබලවේගයේ කතරගම ප්‍රධාන සංවිධායක සහ කතරගම ප්‍රාදේශීය සභා අපේක්ෂක ටිරෝන් කණිෂ්ක ජයවර්ධන සහ ඔහුගේ පියා වන උපාලි ජයවර්ධන යන දෙදෙනාට ඇප නියම කර තිබෙනවා. ඒ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

මෙම සැකකරුවන් දෙදෙනා කතරගම පූජාභූමියට ඇතුළු වන නාගහවීදිය පොලිස් මුර කපොල්ලෙන් ජීප් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා එය වළකා ඇති අතර එය නොතකා බලහත්කාරය පාමින් ඔවුන් ජීප් රිය ඇතුළු කර තිබෙනවා.

මෙයට අදාළ නඩුකරය නැවත මෙම වසරේ සැප්තැම්බර් මස 4 දින කැඳවීමට නියමිත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles