කෝටියක් ගනිද්දී ඇල්ලූ සභාපතිට ඇප

ව්‍යාපෘතියක් අනුමත කිරීම සඳහා රුපියල් කෝටියක අල්ලස් ඉල්ලා එයා ලබා ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගන්නා ලද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිව සිටි සුපුන් පතිරගේ ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අද (13) එම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී. පළමු සැකකරු ලෙස නම්කර තිබෙන සභාපතිවරයා මෙම අල්ලස ඉල්ලූ අයුරු දුරකතන සංවාද වැනි කිසිවක් සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අසමත් වුණා. එනිසා එකවර නිගමනයකට ඒම අපහසු බැවින් ඇප නියම කර තිබෙන බවයි කියැවෙන්නේ. රුපියල් 25000ක මුදල් සහ ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් සහිතව මුදා හැර තිබෙනවා.

ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උසාවිය නියෝග කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles