රුහුණු මහ කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක අද අත්අඩංගුවට ගැනුණේ පවුම් 38ක රන් තැටියක් අතුරුදහන්වීම සම්බන්ධයෙන්.
තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෙකී ප්‍රධාන කපුවා අද ඇප පිට නිදහස් කර තිබෙනවා. ඒ ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මතයි. ඇප ලැබූ මහ කපුරාළව රෝද පුටුවක රැගෙන ගොස් වාහනයකට නංවා ගනු ලැබුවා.
සැකකරා කපුරාළට සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.