තරිඳුට ඇප : අධිකරණයේදී පොලිසිය අසරණ වෙයි

කොළඹදී ආණ්ඩුවට එරෙහිව පැවති උද්ඝෝෂණයක් රූගත කරමින් සිටියදී අත්තනෝමතික සහ අනීතික ලෙස පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදියාව ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීන්දු කර තිබෙනවා. එහිදී ඔහුගේ නීතිඥයින්ගේ කරුණු දැක්වීම් හමුවේ බොරැල්ල පොලිසිය ලැජ්ජාවට පත් වූ බව නීතිඥයින් පවසා සිටියා.

බොරැල්ල පොලිසිය විසින් තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවේ දක්වා තිබුණේ ඔහු අයුතු ජනරාශියක සාමාජිකයෙක්ව සිටි බවයි. කෙසේ වෙතත් එයට අදාළ ඡායාරූප සාක්ෂියක් හෝ ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් ව තිබුණා. සාක්ෂි රහිතව ඔහු අත්අඩංගුවට ගැනීම ගැන විමසූ අවස්ථාවේ ඒ පිළිබඳව පොලිසිය පවසා සිටියේ 23 වැනිදා බොරැල්ලේ තිබූ උද්ගෝෂණයකට තරිඳු සහභාගි වීමත් හේතුවක් බව පොලිසිය පවසා සිටියා. කෙසේ වෙතත්, එහිදී නීතිවේදීන් පවසා සිටියේ අතීත කරුණු ඉදිරිපත් කර කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැති බවයි.

සැලසුම්සහගත ලෙස මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බව නීතිඥවරුන් පවසනවා. තරිඳු උඩුවරගෙදර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට දන්වා තිබුණද අද උදෑසන දක්වා ඔහු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් නොකළ බවටද පොලිසියට චෝදනා නැගුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles