කොළඹ අලුත් කඩේ වීදි ආහාර වෙළඳසැලකින් ආහාර මිලට ගැනීමට පැමිණි විදේශිකයෙකුට තර්ජනය කර අඩන්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම වෙළඳසැල් හිමිකරු ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ රුපියල් 50000ක සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතයි.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වී වීඩියෝවක දර්ශන අනුව යමින් කෙසෙල්වත්ත පොලිසිය විසින් 51 හැවිරිදි මේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබුණා.