අවුරුදු සමය වෙනුවෙන් නිර්මාණය කළ ගීයක් විකෘති කළැයි චෝදනා නගා පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ලබන අප්‍රේල් 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
තලාතුඔය පදිංචි 31 හැවිරිදි සැකකරු වෘත්තීයෙන් සුරාබදු නිලධාරියෙක් බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ජෙ. නීතිඥ තිෂ්‍ය වේරගොඩ විසින් උක්ත අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් අදහස් පළ කර තිබෙනවා.