ඊයේ (12) රාත්රියේ බලංගොඩ, ගවරන්හේන් ප්රදේශයේ නිවාස 4ක් මතට පස් කන්දක් කඩා වැටී එකම පවුලේ සිව් දෙනෙකු අතුරුහන් ව තිබෙනවා.
දවස් ගණනාවක් තිස්සේ නොකඩවා දිනපතා ඇද හැළෙන මහ වර්ෂාව හේතුවෙන් බලංගොඩ ආශ්රිත ප්රදේශවල බොහෝ ස්ථානවල පස් කඳු කඩාවැටීම්, මාර්ග අවහිරවීම් බහුලව සිදුවෙමින් පවතිනවා. දින කිහිපයකට පෙර බලංගොඩ හොරකැටිය ප්රදේශයේද නායයාමක් සිදුව තිබුණා.
ඊයේ සිදුවූ නායයාමෙන් එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනකු අතුරුදන්ව තිබෙනවා. පස් කන්දකට යටව සිටි වයෝවෘද්ධ අයෙක් බේරා ගැනීමට අසල්වාසීන් සමත් වූ අතර නායයාමට ලක්වූ අනෙක් නිවාසවල 9 දෙනෙක් ආරක්ෂිත ස්ථානයක සිටින බව වාර්තා වුණා.