නුවන් හෙට්ටිආරච්චි
පාස්කු ප්‍රහාරයෙන් පසු රජය විසින් තහනම් කළ මුස්ලිම් සංවිධාන 5 ක තහනම ඉවත් කර තිබෙනවා.ඒ කොන්දේසි සහිතවයි.
2019 වර්ෂයේ අප්‍රේල් 21 සිදු වු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කරනු ලැබුවා.
ඒ අතරින් මෙම සංවිධාන 5ක තහනම ඉවත් කර ඇත්තේ වසරකට වැඩි කාලයක් පැවති විමර්ශනයකින් පසුව බුද්ධි අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් මෙම කණ්ඩායම්වල නියෝජිතයන් සහ රජයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව ලබා දුන් නිර්දේශයන්ට අනුකුලවයි.
එසේ තහනම ඉවත් කළේ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM), ශ්‍රී ලංකා තවුහිද් ජමාත් (SLTJ), ඕල් සිලෝන් තවුහිද් ජමාත් (ACTJ), සිලෝන් තවුහිද් ජමාත් සහ එක්සත් තවුහිද් ජමාත් (UTJ) සංවිධානවලයි.
කෙසේ නමුත් මෙසේ තහනම ඉවත් කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තහනම් කරමින් 2021 අප්‍රේල් මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කළ මුස්ලිම් සංවිධාන එකොළහෙන් පහකයි.
එසේම තහනම ඉවත් කිරීමෙන් පසුව වුවද, මෙම සංවිධානවල ක්‍රියාකාරකම්, ඔවුන්ගේ අරමුදල් සහ අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවට ද විද්වත් කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ වල සඳහන්.
තව ද ජාතික ආරක්ෂාවට අහිතකර ක්‍රියාවල නිරත වන බවට ඉඟි පළවන්නේ නම් එම තහනම යළි ක්‍රියාත්මක කරන බවද කමිටුව අවධාරණය කර තිබෙනවා.