ජනකවි කියන්න ගිහින් පාර්ලිමේන්තුවේදී බන්දුල ඇනගත් හැටි (වීඩියෝ)

අද දින (17) දින පාර්ලිමේන්තුව ඇමැතූ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වන බන්දුල ගුණවර්ධන විසින් ජනකවියක් ප්‍රකාශ කරනු ලැබුවේ සිය පැහැදිලි කිරීම වෙත නිදසුන් ඉදිරිපත් කිරීම සඳහායි.

කෙසේ වෙතත්, කොළයක් දෙස බලාගෙන ඔහු පැවසූ ජනකවිය ඔහු පැවසූයේ වැරදියටයි.

වනේ ගිජිඳාය දුටුවොත් වනසාය
ළිඳේ පණිඳාය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

යන කවියේ එන පණිඳාය යන්නට ඔහු පැවසුවේ පනිතාය යනුවෙන්. පණිඳා යනුවෙන් සිංහලයෙහි යොදන්නේ නාග රාජයාටයි. අධ්‍යාපන ඇමැති වගකීමද දැරූ, සිංහල භාෂාව ගැනත්, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විසින් අසැබි වචනයක් කියූ විට සිංහල භාෂා පැහැදුම් ඉදිරිපත් කරන්නටත් ඉදිරියට ආ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේ වරද්දා ගැනීම සිනහවට කරුණක් බවයි බස දන්නෝ පවසන්නේ.

බන්දුල ගුණවර්ධනගේ කතාවේ වීඩියෝ කොටස පහතින් –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles