බන්දුලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබුවා.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාරට සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීමත් සමඟ පරාජිතයන්ගේ ලැයිස්තුවේ ප්‍රථමයෙන් සිටි බන්දුලාල් බණ්ඩාරිගොඩට එම අසුන හිමි වුණා.
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේ පසුගිය 09 වෙනිදායි.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබාදුන්නා.