බංග්ලාදේශයට කඩුලු 08ක ජයක්!

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 08 ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය අද (06) සමත් වුණා.

බංග්ලාදේශයේ Sylhet හිදි අද (06) සවස ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ නායක Najmul Hossain Shanto විසින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායකයාට ආරාධනා කළා.

පන්දුවට පහර දීමේදී කමිඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් යුගලය විසින් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කිරීමට සමත් වූ අතර, Soumya Sarkarගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දී කුසල් මෙන්ඩිස් දැවී යාමත් සමඟ එම සබඳතාව නිමා වුනා. කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කරගත් අතර, එම දැවී යාමෙන් මොහොතකට පසු එතෙක් හොඳින් පිතිකරණයේ යෙදෙමින් සිටි කමිඳු ද අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වෙමින් ලකුණු 37කට පිටියෙන් ඉවත් වුනා. තවද මැතිව්ස් නොදැවී ලකුණු 32ක් සහ දසුන් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 165ක ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසුණු බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් Soumya Sarkar සහ Litton Das අතරේ ලකුණු 68ක සබඳතාවක් ගොඩ නැගුණා.

මේ අතරේ ම බිනුර ප්‍රනාන්දු විසින් යොමු කළ බංග්ලාදේශ ඉනිමේ තෙවන පන්දුවාරයේ පළමු පන්දුව Soumya Sarkarගේ පිත්ත අසලින් කඩුලු රකින කුසල් මෙන්ඩිස් අතට ඇදී ගිය අතර පිටියේ විනිසුරු විසින් එය දැවී යාමක් ලෙස සංඥා කළා. නමුත් මේ අවස්ථාවේ Soumya විසින් විනිසුරු තීරණය නැවත සලකා බැලීම සඳහා තෙවන විනිසුරු වෙත යොමු වූ අතර, ඔහුගේ තීරණය වුනේ Soumya නොදැවුණු ක්‍රීඩකයකු බවයි.

පසුව ක්‍රියාත්මක වූ මතීෂ පතිරණ විසින් Soumyaගේ කඩුල්ල මෙන්ම අනෙක් ආරම්භක පිතිකරු වූ Dasගේ කඩුල්ල ද බිඳ හෙළීමට සමත් වුනත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ නායක Shanto සහ Towhid Hridoy විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 87ක් එක් කිරීමට සමත් වුනේ තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 8ක පහසු ජයක් ද උරුම කර දෙමිනුයි.

තරගයේ වීරයා සම්මානය අගනා අර්ධශතකයක් ලබා ගත් බංගලි නායකයාට හිමි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles