නුවන් හෙට්ටිආරච්චි
වාණිජ බැංකු සාමාන්‍ය ඉතුරුම් හා ස්ථාවර තැන්පතු පොළිය අඩු කළ ද ණය පොලී අනුපාත පමණක් අඩු කර නැහැ.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 2.5 ත් 3.5 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබෙනවා.
එසේම අප්‍රේල් මාස වන විට වාණිජ බැංකු සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 12 ක් දක්වා ඉහළ දමා තිබූ අතර අප්‍රේල් මාසයේ සියයට 30 ක්ව පැවති ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලිය සියයට 9 ත් 12 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබෙනවා.
නමුත් වාණිජ බැංකු රැසක ණය පොලී අනුපාත මේ වන විටත් සියයට 20 ත් 28 ත් අතරයි පවතින්නේ.