බැසිල් – පාඨලී රහස් හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක අතර හමුවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පොදු ජන පෙරමුණද රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව කටයුතු කිරීමේදී ඇතිවන ප්‍රතිවිරෝධතා සමනය කරගැනීමේ අරමුණෙන් මෙම හමුව පවත්වා ඇතැයි සඳහන්.

ඊට දින කිහිපයකට පෙර සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස හමු වී මන්ත්‍රී පාඨලී චම්පික රණවක සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙනවා.

මෙම හමුව සිදු වී ඇත්තේ රංජිත් මද්දුමබණ්ඩාර හා මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන්.

සමගි ජන බලවේගය හා එක්වීමට චම්පික රණවක මන්ත්‍රීවරයා ‍කැමැත්තෙන් සිටියද සමඟි ජන බලවේගය පාර්ශවයෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වා නැති බවයි සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් ඇතිවී තිබෙන තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීමට චම්පික රණවක සූදානමින් සිටින බවද වාර්තා වෙනවා.

චම්පික රණවක සෘජුවම රනිල් වික්‍රමසිංහ සමඟ සම්බන්ධ නොවී නිමල්, ලන්සා ඇතුළු පිරිසක් විසින් ගොඩනගා ඇති නව සන්ධානය සමඟ එක්වී ඒ හරහා රනිල් වික්‍රමසිංහට සහාය දෙනු ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

1 COMMENT

  1. Patali, Gammanpila, Wimal are being rejected & shunned most main parties. SJB shunned Patali. Because Ranil has to face ES case, Ranil takes anybody. Ranil knows UNP won’t be able to get enough votes to become President. Ranil is struggling with ES case like Maithripala. SLFP &UNP have that problem. That is why Politicians of SLFP & UNP jump into other alliances. Sajith knows that Politicians of his SJB like Sajith because people like Sajith. So SJB politicians are trying to PIGBACK on Sajith toward victory. But Sajith knows that he will be kicked off like GOTA due to Mental Illness he had. The name RAJAKARUNA is brought to highlight SAJITH’S history of mental illness. Sajith thinks why I should carry POLITICIANS to the victory midst of MAD mud. He knows MADNESS will be taken as a RANSOM if he becomes President. So Sajith is fading & frustrated because of that fact. Bitter truth is so for SJB & Politicians trying to PIGBACK on SAJITH.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles