ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ලෙස සැලකෙන බැසිල් රෝහණ රාජපක්ෂ සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ආරංචිමාර්ග පවසන්නේ මෙම හමුව ඊයේ (13) සිදුව ඇති බවයි.
මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා, නව දේශපාලන වර්ධනයන් සහ වෙනත් වැදගත් විෂයන් සම්බන්ධ අදහස් හුවමාරු කරගත් බවයි පැවසෙන්නේ.