බැසිල් අගමැති හෝ ජනපති විය යුතුයි : පොහොට්ටුවේ තීරණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් බව වාර්තා වෙනවා.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරය ලබාගැනීම පිණිස කුමන හෝ සන්ධානයක් සමග එක්ව තරග කර වැඩි වාසි දිනා ගැනීමට ඔවුන් සාකච්ඡා කර ඇති අතර ජනාධිපති ධුරය හෝ ‍අගමැති ධුරය පොදු ජන පෙරමුණට ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවද එම මන්ත්‍රී පිරිස යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉදිරි මැතිවරණයේ දී පොදු ජන පෙරමුණට යළි බලය ලබා ගැනීම සඳහා රට පුරා දේශපාලන හමු, සම්මන්ත්‍රණ, ජනරැළි 2500ක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles