පොහොට්ටුවට රනිල් විසාල කරදරයක් වෙයි! බැසිල් ජනාධිපතිවරණයට එන්න යයි!

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීමට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් ඊට පෙර ඇමරිකානු පුරවැසිභාවය වත් කරගත යුතු ඔවුන් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරනයට සූදානම් වන බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියත් ඊට එරෙහිව ඇති වූ මත බිදීම් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂත්වය ලබාදීමට සිදුවුණා.

දැනටමත් සෙසු දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශ කර ඇති නිසා පොදු ජන පෙරමුණ තම අපේක්ෂකයා ප්‍රකාශය කළ යුතු බව ජේෂ්ඨයන්ගේ අදහස වී ඇත.

මේ අතර ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර ගැටුම් උඝ්‍ර වී ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මිලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍ය ධුර දරන බොහෝ දෙනෙකු දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles