බෙංගාල බොක්කත් කැළඹේ: වැස්ස තවත් වැඩිවේ

දිවයිනේ වැසි තත්වය තවත් වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිනිකොණ දිග බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය මීට හේතුවන බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව උතුරු-නැගෙනහිර, දකුණ, උතුරුමැද සහ ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවට අනුමාන කෙරෙනවා.

දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇද වැටෙන බවයි පැවසෙන්නේ. සබරගමුව පළාතට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාවක් ඇති වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles