දූෂණ විරෝධී පෙරමුණ නම් සංවිධානයක සභාපති බව කියන නාමල් කුමාර නමැත්තාට පුද්ගලයන් දෙදෙනෙකු පහර දී ඇතැයි වරකාපොල පොලිසිය සඳහන් කරනවා. පෞද්ගලික ආරවුලක් අවස්ථාවකදී මෙම පහරදීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. නාමල් කුමාර නමැති අයගේ බිරිඳ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ පහර දුන් බව කියන පිය පුතු දෙපළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතින් පයින් සහ පොලුවලින් පහර කෑ බව කියන නාමල් කුමාර නමැත්තා රෝහල්ගත කර තිබෙනවා. රුපියල් 60000ක මුදලක් සහ ජංගම දුරකතනයක් පැහැර ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වන බවයි වාර්තා වන්නේ. වරකාපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.