පෙරේදා (22) බෙලි අත්ත දේශපාලන පක්ෂ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් ඝාතනය කිරීම සඳහා පැමිණි කොළ පැහැති ජීප් රථය ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ තිබී සොයාගෙන තිබෙනවා.
මෙම ජීප් රථයේ සී.සී.ටී.වී දර්ශන පොලිසියට ලැබී තිබුණා. මාතර කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ එය ගමන් ගත් බවත් එක් වෙඩික්කරුවෙකු කඹුරුපිටිය නැවතුම වෙත යන අයුරුත් ඒවායේ දක්නට ලැබුණා.
වෙඩිවැදීමෙන් ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලින් චම්පික ජයතිලක යන අය ද මිය ගිය අයට ඇතුළත්.
කෙසේ වෙතත්, ඊයේ ප්‍රකට යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක් වූ අපේ ජනබල පක්ෂයේ වත්මන් නායක බව කියන වේදිනිගම විමලතිස්ස හිමි මෙම මිනීමැරුම සම්බන්ධයෙන් එම පක්ෂයේ වත්මන් පාර්ලිමේන්තු ධුරය දරණ අතුරලියේ රතන හිමියන්ට චෝදනා එල්ල කරනු ලැබුවා.