උතුරු-නැගෙනහිරට හොඳම විසඳුම මගෙන්

දමිළ ජනතාව මුහුණ දෙන ගැටලුව විසඳීම සඳහා මැදිහත්වීම කර ඇති බවත් එය ඉදිරියට ගෙන යාම දෙමළ මහජන නියෝජිතයන්ට භාර බවත් ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කිසිදු දේශපාලන අරමුණකින් තොරව දෙමළ ජනතා ප්‍රශ්නය විසඳීම තමාගේ සැබෑ අභිප්‍රාය බවයි ඔහු පවසන්නේ.

සියලු පාර්ශ්වවල එකඟතාව මත 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළ හැකි බවත්
*උතුරු නැගෙනහිර නැවත ඒකාබද්ධ නොකරන බවත්
*ජාතික ප්‍රතිසංවිධාන කාර්යාල කෙටුම්පත නීතිපති අනුමැතියට දෙන බවත්

පවසන ජනපතිවරයා, පොලිස් බලතල ලබාදීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක ඡන්දය අවශ්‍ය බවත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, අප කලින් ලිපියකත් දැක්වූ පරිදි මේ සාකච්ඡා සිදුවන්නේ ජනපතිගේ ඉන්දීය සංචාරයට ඉතා ආසන්නයේ දී යි.

මෙරට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිණිස විදෙස් රටවල් එක්ව නිර්මාණය කරගත් සාකච්ඡා සභාවේදී ද මෙරට වාර්ගික අර්බුදය විසඳීම සහ නිමවූ යුද්ධයට අදාළ යුක්තිය ඉටු විය යුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ජනපතිවරයාගේ මැදිහත් වීම සාකච්ඡා කර තිබුණා.

ප්‍රංශයේ France24 නාලිකාව සමඟ සිදුකළ සාකච්ඡාවේදී ද මෙම ප්‍රශ්නවලට ජනපතිවරයා පිළිතුරු සැපයූවා.

එම සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙතැනින් කියවන්න –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles