දෙසැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුවයි.
ඒ අනුව 2023 උද්ධමනය ලෙස සටහන්ව ඇත්තේ 4.2 %ක් ලෙසටයි.
නොවැම්බර් මාසයේදී එය සටහන්ව තිබුණේ 2.8%ක් ලෙසයි. ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ තිබු -2.2% සිට 1.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන් වෙනවා.