පාකිස්තානය ලොකු ළූනු අපනයනය කිරීම තහනම් කළොත් අවුරුදු උත්සව සමයේදී ලොකු ළූනු කිලෝවක් රුපියල් 700ක් හෝ 800ක් දක්වා මිල ඉහළ යා හැකි බවත් ඉන්දියාවේ ලොකු ළූනු ආනයනය කිරීමට රජයේ මැදිහත්වීම අවශ්‍ය බවත් කොළඹ ලොකු ළූනු ආනයනකරුවෝ පවසනවා.
පාකිස්තානය ලොකු ළූනු හිඟ යැයි පවසමින් ගල්ෆ් කලාපයට අපනයනය නවතා දමා ඇති බවත් ලබන සතිය වනවිට ශ්‍රී ලංකාවට ද ඊට මුහුණපෑමට සිදුවන බවත් මෙරට ලොකු ළූණු ආනයනකරුවෝ පවසනවා. ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය ලාභදායී බවත් එරට මේ වන විට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මැදිහත්ව කෝටා ක්‍රමයක් යටතේ ඩුබායි සහ බංග්ලාදේශයට පමණක් මේ වන විට ලොකු ළූණු අපනයනය කරන බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.