වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 520කටත් පිටකොටුව වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 525කටත්, නාරාහේනපිට ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 450කටත් තොග මිලට අලෙවි වන බවයි පැවසෙන්නේ.
ඒ අතර අනෙක් එළවළුද මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසනවා. ඉන්දියාවේ පවතින දේශගුණික තත්වය මත අස්වැන්න නොලැබී යාම හේතුවෙන් ඉන්දියාව ලොකු ලුනු අපනයනයෙන් තාවකාලිකව ඉවත්ව සිටීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස පැවසෙනවා. කෙසේ වෙතත්, ඉන්දියාවේ අපනයන තහනමට පෙර මෙරටට ලොකු ලූනු ගෙනැවිත් ගබඩා කරගෙන වැඩි මිලට විකුණන මාෆියාවක් ක්‍රියාත්මක වෙන බවටත් චෝදනා නැගෙනවා.
මිල ඉහළ යෑම පාලනය කිරීමට වැඩපිළිවෙලක් නොයෙදේ නම් ලොකු ලූනු කිලෝවක මිල රු. 1000දක්වා ඉහළ යනු ඇතැයි ආරංචි මාර්ග පවසනවා. කෙසේ වෙතත් මාස කිහිපයකට පෙර ලොකු ලූනු කිලෝව අලෙවි වූයෙ රු. 100-120 අතර මිලකටයි.