ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමඟ අද (17) දිනයේ දී ගිවිසුමක ඇති කරගත් බව වාර්තා වෙනවා.
එම ගිවිසුම අනුව ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සභාපති හැරී ජයවර්ධන කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් පවසන්නේ Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමාගමේ සියලු කොටස් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී විසින් මිල දී ගත් බවයි.
එසේම Heineken හි ජාත්‍යන්තර සන්නාම එකතුවට අන්තර්ගත Heineken@, Tiger සහ Anchor සන්නාමයන් සහිත නිෂ්පාදනවල වෙළඳ නාම බලපත්‍රද හැරී ජයවර්ධන සතු වෙනවා.