කුරුලු උණ අපට අවදානමක් නෑ: සුව ඇමැති

ලොව ඇතැම් රටවල මේ වන විට පැතිරෙමින් පවතින කුරුලු උණ වසංගත රෝගයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට අවදානමක් මතුව නැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

එසේ වුවත් සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන බව ඔහු කියා සිටිනවා.

“ශ්‍රී ලංකාවේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මෙවැනි රෝගී තත්ත්ව ගැන අවදානමක් නැහැ. විශේෂ අනතුරු ඇඟවීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය අප වෙත කරලත් නැහැ. කුරුළු උණ රෝගී තත්ත්වයන් මීට පෙරත් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වුණා නමුත් ඒවා විශේෂ පැතිරීමකට ලක්වුණේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කර ගත යුතු නැහැ මේ අවස්ථාවේදී.”

ඇමතිවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles