කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන ක්‍රිකට් තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී අද (07) ආරම්භ වන බව වාර්තා වෙනවා.
තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමට සෑම වසරකම ඩී. එස්. සේනානායක අනුස්මරණ පලිහ තම පාසල වෙත රැගෙන යාමට අවස්ථාව උදා වී ඇති බවයි සඳහන් වන්නේ.
145 වැනි වරට පැවැත්වෙන මෙම තරඟ කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට සිනෙත් ජයවර්ධන නායකත්වය ලබා දෙන අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙහෙයවන්නේ මහිත් පෙරේරායි.
මෙම තරගය ලබන සෙනසුරාදා දක්වා පැවැත්වෙනවා.