පකිස්ථානයේ බලුකිස්තාන් ප්‍රදේශයේ පෙරහැරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 50 ඉක්මවා තිබෙනවා.
මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සැමරීම සඳහා මෙම පෙරහැර සංවිධානය කර තිබුණා.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් 100 දෙනෙකුට තුවාල සිදු වී ඇති අතර බොහෝ දෙනෙක් බරපතල තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර මෙය බලුකිස්තානයේ “ත්‍රස්තවාදී කොටස්” විසින් සිදු කරන ලද පිපිරීමක් බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබෙනවා.
“ඊද් මිලාද්-උල්-නබි පෙරහැරට සහභාගී වීමට පැමිණි අහිංසක මිනිසුන්ට මෙලෙස ප්‍රහාරයක් එල්ල කිරීම ඉතා නින්දිත ක්‍රියාවක්” යනුවෙන් නබිතුමාගේ උපන්දිනය ගැනද සඳහන් කරමින් නිවේදනයක් එම අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.