බැඳුම්කර නඩුව : ජෙෆ්රි ඇලෝසියස්ට අධිකරණ නියෝගයක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබෙනවා.

මහ බැංකු බැඳුම්කර නඩුවේ, 6 වන විත්තිකරු වන ජෝෂප් ඇලෝසියස්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුවට යෑම සඳහා එම අවසරය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ජූලි මස 1 වන දින සිට සැප්තැම්බර් මස 12 දක්වා කාලය තුළ විදෙස්ගත වීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද අවසර ලබාදුන්නා.

අදාළ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දෙන ලෙසට අමල් පෙරේරා, ආචාර්ය නාමල් පෙරේරා බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවන් විසින් නියෝග කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles